Delivering in association with the SPC IT Team
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් අප්‍රේල් 01 දින, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ අත්සනින් නිකුත්කරන ලද නිවේදනය සම්බන්ධවයි. මෙම නිවේදනයට ප්‍රකාරව, අප්‍රේල් 02, 03 හා 06 දිනයන්හි සියළුම රාජ්‍ය ඔසුසල් හා පෞද්ගලික ෆාමසි, මහජනයා සඳහා විවෘතව තිබෙනු ඇත.

ඒ අනුව, සියළුම රාජ්‍ය ඔසුසල් හි සේවයේ නියුතු නිළධාරී මහතුන් හා මහත්මීන්, ඉහත දිනයන්හි ඔසුසල් වෙත පැමිණෙන පාරිභෝගික මහතුන් හා මහත්මීන් සඳහා සේවය සැපයීම සිදුකරනු ඇත. මේ හේතුවෙන්, Osusala.Online හරහා, අප්‍රේල් 01 දින සවස 6 සිට අප්‍රේල් 07 දක්වා ලැබෙන ඇනවුම් සකස් කරනු ලබන්නේ අප්‍රේල් 07වනදායින් පසුව බව කාරුණිකව දැනුම්දෙමු.

ඔබ, අප්‍රේල් 01 සවස 6 සිට, අප්‍රේල් 07 දක්වා ඇනවුම් ඉදිරිපත් කළේ නම්, පහත කරුණු පිළිබඳව අවධානය යොමුකරන්න;
  • ඔබේ ඇනවුම අපට එවා ඇත්නම්, එහෙත් ඔබට අවශ්‍ය ඖෂධ, ඉහත අප්‍රේල් 02, 03 හා 06 දිනයන්හි ඔසුසලකට / ෆාමසියකට ගොස් මිලදී ගන්නේනම්, ඔබේ කැමැත්ත මත, ඔබේ ඇනවුම අවලංගු කළ හැක.
  • ඇනවුම අවලංගු කිරීමේ අවශ්‍යතාවක් ඔබට නැත්නම්, ඔබේ ඇනවුම අප්‍රේල් 7 වනදායින් පසුව සකසා ඔබට හැකි ඉක්මනින් ලබාදීමට අපි කටයුතු කරමු.
ඇතිවී තිබෙන නවතම තත්වය හේතුවෙන් ඔබට සිදුවන අපහසුතාවයට කනගාටුව ප්‍රකාශකරන අතර, ඉහත දින තුන තුළ ඔබේ නිවසින් පිටතට යන්නේනම්, ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.
Osusala.Online කණ්ඩායම

විනාඩියකටත් අඩු කාලයකින්!

1. වෛද්‍යවරයා විසින් නිර්දේශිත බෙහෙත් වට්ටොරුවේ ඡායාරූපයක් ගෙන අප වෙත යොමුකරන්න. (අප්ලෝඩ් කරන්න)

2. ඔබේ ඇනවුමේ නවතම තත්වය පිළිබඳව සජීවීව, ඖෂධවේදියෙකු හරහා යාවත්කාලීන වන්න.

3. නිවසටම ගෙන්වා ගන්න.

හවුල්කාරිත්වය හිමි අලෙවිසල්

නිතර අසනු ලබන ප්‍රශ්න

ඇනවුම භාරදෙන්නේ කා විසින්ද?

අදාල අලෙවිසල් හෝ ෆාමසි මගින් ඇනවුම් භාරදීමේ ක්‍රියාවලිය කරනු ඇත.

වෛද්‍ය නිර්දේශිත බෙහෙත් වට්ටෝරුවේ තෝරාගත් ආයිතමයන් පමණක් ඇනවුම් කළ / ඉල්ලා සිටිය හැකිද?

හැක, වෛද්‍ය නිර්දේශිත බෙහෙත් වට්ටෝරුව upload කළ පසු, ඔබේ අවශ්‍යතාවය 'අදහස්' කොටසේ පැහැදිලි කරන්න.

මාගේ ඇනවුම, අලෙවිසලට / ෆාමසියට ලැබී ඇත්දැයි දැනගන්නේ කෙසේද?

ඔබේ වෛද්‍ය නිර්දේශිත බෙහෙත් වට්ටෝරුව අදාල ඖෂධ අලෙවිසලේ / ෆාමසියේ ඖෂධවේදියෙකු විසින් සමාලෝචනය කරනු ලබයි. එහිදී, සියළු තොරතුරු සම්පූර්ණ වී ඇත්නම් හා ඔබ ඇනවුම් කළ ඖෂධ ඇත්නම්, අලෙවිසල / ෆාමසිය විසින්, ඔබේ ඇනවුම පිළිගනු ලබයි. මේ බව ඔබට ඊමේල් හා කෙටි පණිවුඩයක් ආධාරයෙන් දැනුම් දෙනු ඇත.

අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදුකළ හැකිද?

නොහැක, ගෙවීම් ලබාගනු ලබන්නේ ඇනවුම ඔබට භාරදීමේදී පමණි. සෑම අලෙවිසලක් ම ඩිජිටල් ගෙවීම් භාරනොගනු ඇත, මේ බව ඔබට දැනුම්දෙනු ඇත.

මාගේ බෙහෙත් වට්ටෝරුවට අදාළ ඇනවුම් තත්වය දැනගන්නේ කෙසේද?

ඔබේ ඇනවුම පිළිගන්නා ලද මොහොතේ සිට, ඇනවුම් තත්වය පිළිබඳව ඔබව දැනුවත් කෙරේ. ඇනවුමේ ස්වභාවය අනුව "සූදානම් වෙමින් පවතී", "පිටත් කර යවන ලදී" ලෙස ඇනවුම් තත්වය ඔබට යාවත්කාලීන වේ.

ඇනවුම් තත්වය යනු කුමක්ද?

වෛද්‍ය නිර්දේශිත බෙහෙත් වට්ටෝරුව අදාල ඖෂධ පිළියෙල කිරීම, පියවර කිහිපයක ආධාරයෙන්, "අපේක්ෂිතයි", "සත්‍යාපනය වෙමින්", "පිළිගෙන ඇත", "ඇසුරුම් කර ඇත", "සූදානම් වෙමින් පවතී", "පිටත් කර යවන ලදී" යනාදී වශයෙන් ඔබව යාවත්කාලීන කරයි.

මාගේ ඖෂධ අලෙවිසල / ෆාමසිය මෙහි ලැයිස්තුගත කරන්නේ කෙසේද?

ඔබේ අවශ්‍යතාවය අනුව මෙම සබැඳිය හරහා අප හා ලියාපදිංචි වන්න. අපගේ නිළධාරියකු ඔබ හා ඉක්මනින්ම සම්බන්ධවනු ඇත.